නෝනා මගෙ නර්ස් නෝනා
Nona Mage Nurse Nona
නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ
ලිස්ස වැටිල මෙ මං කලුවරේ
හැපුණා මගෙ ඔලුව කළු ගලේ
උස්ස ගොසින් මාව එවේලේ
දැම්ම මාව ඉස්පිරිතාලේ
සිහිය නැතිව මාව ගෙනාවේ
ලේ ගලමින් බහින කලාවේ
සිහිය ඇවිත් බලපු වෙලාවේ
මම ඇඳ යට නේද ඉලව්වේ
වේදනාව වැඩි නිසා මොළේ
මම කෑ ගැහුවා බොහොම කලබලේ
සාත්තු සේවකයෙක් එ වේලේ
ඇවිත් මට බැන්න කරුවලේ
මම කෑ ගැහුවා මර හඬ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලලා
තල්ලුකෙරුව මාව බේරලා
මට වෙච්ච විපත පෙනීලා
නර්ස් නෝන බොහොම දුක්වෙලා
ඇඳ යට උන්නු මාව අල්ලලා
දැම්ම ඇඳ උඩට උස්සලා
නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්නම් මට වෙච්ච විපතට
මම නම් මැරෙනවා ඇඳ යට
දුගියාගේ ලෙඩ දුකට ගිය කලේ
පෙන්නයි ඇතැමුන්ගෙ ඇති බලේ
නර්ස් නෝන නැතිවුන කාලේ
කුමටද මට ඉස්පිරිතාලලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වොලී බැස්ටියන්