රටක් වටිනවා

Ratak Watinawa
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
දුකට සැපට පිහිට අපට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ
දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වඳිනව මම මගේ අම්මට
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ
කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට
ආදරය කරන කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ
මරුව ඇවිත් දඟලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඬගසති අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි
ගායනය : වොලී බැස්ටියන්
තනුව : වොලී බැස්ටියන්
ගී පද : වොලී බැස්ටියන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders