මොණරො උඹට
Monaro Umbata
මොණරො උඹට කවුද දුන්නෙ
ඇඳුම් කට්ටලේ
කිළුටු වෙන්නෙ නැද්ද ඕක
යද්දි මේ කැලේ
අවිච්චියාගෙන් අරගෙන
මගුල් ගේක යන්න කියල
දුන්නේ නැත්තෙ ඇයි ආපහු
ඊයෙත් ඌ හොයල ගියා
ඊට පස්සේ අවිච්චියා
හිතේ බොහොම දුකින් ඉන්නෙ
කාගෙ දෙයක් වුනත් කැලේ
නැහැ වැඩිපුර යන්නෙ එන්නෙ
උඹගේ ලස්සන පෙනෙන්නෙ
පිල් විදහා නටන කොටයි
අනුන්ගෙ දේ අරගත්තට
හැබැයි මගේ හිතට දුකයි
හොඳ නැහැ උඹ කරපු වැඩේ
අවිච්චියව රවට්ටලා
සඳ දෙවිඳුට මම කියනව
ඕක අරන් දෙන්න කියල
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එස් ලියනගේ