අපෙ අම්මා කොළඹ ගොහිල්ලා
Ape Amma Kolamba Gohilla
අපෙ අම්මා කොළඹ ගොහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා
යාළුවෝ දෙන්නෙක් තවමත් පහලයි
හරි ඉහලයි පන්තිය මාගේ
භූගෝලය ඉතිහාසය ගණිතය
ලේසියි මට රට කජු වාගේ
ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමාවතුර මට වතුර වගේ
කථා පොත හොඳයි නින්දට යනවිට
කියවන්නට එය හරිම අගේ
පෙරපර දෙදිගම රසවත් පොත පත
ඉඩ ලැබු හැම විට කියවනවා
මා ලොකු වුණු පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එස් ලියනගේ