මිනිස්කමට නම්බු නාම
Miniskamata Nambu Naama
මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන්
කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා
පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රෝහණ වීරසිංහ