එපා තවත් ඔබ

Epa Thawath Oba
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී
තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිලියක වනු පල නෑ
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ
මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තවදිව යනු රිසි නෑ
අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වසන්තා තිලකාංගනී
All songs by වසන්තා තිලකාංගනී