මෙවලම් මොකටද මෙතරම්
Mewalam Mokatada Metharam
මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ
දෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ
රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ
හඬන්න මට ඉඩ දුන්නට යළි යළි නෙත් කඳුලූ
කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරූ
ඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ
සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ
නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්දන ලියනාරච්චි