මතකයි හිත හැඬුවා එදා
Mathakai Hitha Henduwaa Edaa
මතකයි හිත හැඬුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වෙලා
මතකයි හිත හැඬුවා එදා
මගෙ හිත නැවතුනුදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුළු කරන් මගෙ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම්
හිතේ කොනක් හෙමිහිට හැඬුවා
තනිකම තනියට තනි නැතුවා
ඔබ එන මග බලලා
හඬනා නෙතු සඟවා
මගෙ හිත කොහිදෝ තනිවූවා
සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුවා
හීනෙට තුරුල් වෙලා
ඔබෙ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශිහාන් මිහිරංග