මං බොලඳ වියේ
Man Bolanda Wiye
මං බොලඳ වියේ බැඳි ආලෙ
ඔබ හා ආදරෙන්
කඳුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්
ඈත රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් හසුවේවී මදනල අතරේ
අතිනත ගෙන බැඳි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ෂර්ලි වෛජයන්ත