මලින් මලට
Malin Malata
මලින් මලට බඹරු රඟන මේ සැන්දෑවේ
ඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ
ආදරයේ සිත් පිබිදී එයි නළ රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේ
අහස දිලෙන තරු යායට පාවෙලා යමූ
තරු ගොමුවේ මුතු සලුවක සැඟවිලා ඉමු
අපිත් අපේ ලොවක මිහිරි සුවය ලැබ ගමු
අපි දෙන්නා සැන්දෑවේ ගී පද ගයමු
හනි හනිකට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවා
රල අතරේ පෙනපිඬු අප ගත දැවටෙනවා
දවස ගෙවී රැයක අඳුර නෙතට දැනෙනවා
අපි දෙන්නා සැන්දෑවේ ගී මුමුණනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ෂර්ලි වෛජයන්ත