මාල ගිරවියේ
Mala Girawiye
මාල ගිරවියේ මාල ගිරවියේ
මට ඔබත් එක්‌ක අපේ ගමට පියාඹන්න ආසයි
මම දන්න කියන ගහකොළ මල්
පෙන්නන්නට ආසයි
දුර නෑයෝ පවා ගේ දොරකඩ
එකතු වෙලා හිඳීවී
නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ලාගත්තේ කාගෙන්දැයි අසාවී
මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ තරමට
අමිහිරි දැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ