මඟ බලා හඬන දෙනෙතේ

Maga Bala Handana
මඟ බලා හඬන දෙනෙතේ
කඳුලැලි ඉහිරිලා ගලන මොහොතේ
නොමැකෙනා මතක අපගේ
තවමත් මැවෙනවා දකින සිහිනේ
හදවතේ පෙරවගේ
හද ගැස්මම ඔබයි අද මගේ
ඇයි ලදේ ඔබ මගේ හැම
හුස්මට පවා පෙම් කලේ
කී කතා පෙරදා මුකුළු කර
සිහිවෙලා රහසේ
වේදනා සඟවා තුරුළු කර
නැළවුනා අඳුරේ
දාලා යන්නට බෑ ලැබුනු උණුහුම
හැරදමා සමුගෙන යන්න නම් මට
ඇයි මේ තරම් ලං වුනේ
පෑ සිනා පෙඟුනා කදුළු මැද
කුරුටු ගෑ මතකේ
පෑරුනා විදිනා දුකට හිද
කීරි ගෑ පපුවේ
වාවගන්න බෑ තවම තනිකම
හීනෙකින්වත් නෑ යන්නෙ කිව් ඔබ
ඇයි මා කෙරෙන් වෙන්වුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by බාචි සුසාන්
All songs by බාචි සුසාන්