බඹර නාදේ

Bambara Naade
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ
ප්‍රාර්ථනා තවරා - ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ
ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ
සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ලදුනේ
දෑත් විදා ලමැදේ - ආදරේ
දෙන්න විදගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ
මේ පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පනට පන දී මදිවි කතරේ
නොයමි රහසේ රකිමි පනසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by බාචි සුසාන්
All songs by බාචි සුසාන්