කන්දේ හැප්පුන
Kande Happuna
කන්දේ හැප්පුන මහ වනන්තරේ
ඊ ජී අට අහස් යන්තරේ
මාරුවා කල මිතුරෙ බේරෙන්න බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ
මම පත්තරෙ බලල උපුට ගත්තේ සොයල
කියනෙමි විස්තර කරල
හොද හැටි ගලපාලා එහි ඇති දුක්බර කිරල
ගයන්නෙ මම අසන්න උබලා
හැත්තැහතරෙ වර්ශෙ දෙසැම්බර් සිව්වෙනි දවසේ
උනු දෙය අසන්න අහසේ
අඩාල බොහො සේ වැලපුනාලු දුකසේ
අසාල අහස්යානෙ විනාසෙ
සිරිලක් අහසේ මස්කෙලිය ප්රදේශේ
රෑ දහයට බදාද දවසේ
හෙන පාරක් සේ පුපුර දෙදෙරුව අහසේ
කිසිවෙක් නොදනෙති රහසේ
එකසිය අනූඑක් දෙනෙක් ගෙන ආ අහස්යානයක්
තත්පරේට උනා අලුගොඩක්
වන්දනා පිරිසක් අතර ගැහැනු පනස්නම දෙනෙක්
මරු අරගත්‍තනෙ බිල්ලක්
එදා බදාදා දිනේ අහස් යාන ගුවනේ
මක්කම බලා පිටත් උනේ
කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ
පූරුවෙ කල කරුමයක් අනේ
ගුවන් තොටුපලේ ඉදන් සැතැප්ම ගානකට දුරින්
වැටුන අහස් යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් ගිණිජාල පුපුරමින්
පොලවට වැටුනෙ මලකදන්
දවස් ගනනක් තිස්සේ මළකදන් කැලෑව අස්සේ
සෙව්ව නේද අපේ කට්ටිය
කලකට පස්සේ ලැබුන බ්ලැක් බොක්ස් එක අයිසේ
යානාවෙ කලු පෙටිටිය
කලු පෙට්ටිය ලැබුනා ටේප් පටි කෑලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙලි උනා මොකක්ද කියල වැටහුනා
යාන්ත්රී කරන දෝශයක්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ටන් ජෝන්ස්