දක්ෂ විලසින්

Daksha Wilasin Salasum
දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන
සතුටින් සිටියාද ඒ අය
ලක්ෂ හතරක් හොරකම් කරගෙන ජීවිතක් නැති කරගෙන
සතුටින් සිටියාද ඒ අය
දක්ෂ කමට සැම එද කෙරුවෙ මෝඩ කම
ලක්ෂ හතරෙ හොරකම ගැන කියනවාට මම
කෑ මොරගහගෙන සිරිලකේ පැතිරුන
මේ හොරකම ගැන කව්රුත් දනී අද දින
ඉන්ස්පික්ටර් වෙස් ගෙන
යුනිෆෝම් එකක් ඇදගෙන
කෝස් එකට ඒ දින ගියාලු රථය පැදගෙන
රථය පැදෙව්වේ කුරුදුවත්ත දිසාවේ
පාලු පාරක් සෙව්වේ මහතගෙ කරුමෙට ආවෙ
පුත්තලම දිසාවේ අලි කොටි වසන කැලෑවේ
ජෝන් සිල්ව ගෙනාවේ ගහකට තියාල වෙලුවේ
ජෝන් සිල්ව කැ‍‍ලෑවේ තනිවෙල මොනවද කිව්වෙ
මේකටද යාලුවෙ උබල මාව ගෙනාවේ
දරුවො ඇති පියා අහින්සක ජෝන් අයියා
දෙවියන්ට කියා කියා කැ‍ලෑවෙ පණ ගියා
ජෝන් සිල්වට කළදේ ගිනි ඇවිලෙයි හර්දේ
‍ඒ කල අපරාදේ පරලෝකෙදි පලදේ
ජෝන් සිල්ව මරාලා පවුලක් වනසාලා
මිනිමරුට සැමකලා ඉන්නට හැකිද බේරිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ටන් ජෝන්ස්
All songs by ඇන්ටන් ජෝන්ස්