කලියුග කාලෙට උපන්න

Kaliyuga Kaaleta Upanna
කලියුග කාලෙට උපන්න
නුවන්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණ ගැහිලා
මාර ගහක් යට ඉඳගත්තේ
එකෙක් රයිගම පැත්තේ
අනිකා ගම්පොල පැත්තේ
කොහොමද ඒ පැත්තේ තොරතුරු
හරි ගිරිස්මේ ඒ පැත්තේ ?
එහෙට තදින් වැස්ස වහිනවා
අපේ පැත්තේ මහ කකුළුවෝ
පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
මොකක්ද කිව්වේ
අපේ පැත්තේ මහ කකුළුවෝ
පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
ඒ කිව්වේ
මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා
නෑ නෑ
එහෙනම් ?
පොඩි එවුන්ට යන්න කියනවා
කොහොම උනත් පහුවෙන කොට
පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සුද ?
උන් ඔක්කොම හරහට යනවා
කොහොමද ඒ පැත්තේ තොරතුරු ?
එහෙට වැස්ස, ඒ පැත්තේ ?
එහෙ ගිණි රස්නෙට පායනවා
අපේ පැත්තේ මේ කාලෙට
ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
මොකක් කිව්වා ?
අපේ පැත්තේ මේ කාලෙට
ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
ඒ කිව්වේ
සැඩ පහරින් බයක් නැතිව ඔරුව පදිනවා
නෑ.. නෑ
පුරුදු නිසා ඔරුවෙන් යනවා
ඈ බලාගෙනයි
පාරුව පෙරළුනොතින් කරදර වෙනවා
පෙරළුනොතින් පෙරළුන පිට හොදයි කියනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by බන්දුල විජේවීර
All songs by බන්දුල විජේවීර