හිරු මැකී යයි
Hiru Maki Yayi
හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ
යලිත් නොමඒ කිසිදිනේ
ගිනි කඳු පුපුරා ලෝ දිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුණා
තුෂර පින්නේ පැතුම් කෝවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ
එදා මතකය සිතේ අහුරා
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ
නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුණා
සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුවා සිහිනේ නෙත් වැසුණු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ළඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමිල පෙරේරා