ගුරු පාට හැන්දෑව
Guru Pata Handawa
ගුරු පාට හැන්දෑවෙ
නුඹෙ රුව මැවේ නම්
ගුරුපාරෙ මේ යාමෙ
කවුරුත්ම නැති නම්
මම ඉන්නෙ තනියෙන්
නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සීපද කියන්නම්
ඉසුරුමුණියෙ තාම
පෙම් බස් දොඩයි නම්
දුර පේන ක්ෂිතජයද
තාමත් එතන නම්
සඳ එලියෙ නැහැවී
තරු අතරෙ තනි වී
ඉගිලෙන්න මං හරිම ආසයි
නුඹ ළඟ ඉන්නවනම්
මගෙ දුක හරිම දුරයි
මගෙ හිත හඬනව නම්
නුඹ ළඟ නැති පාටයි
වැඩි පුර හිතන්න හිත ඉඩ නෑ
හිතුවත් එහි වැඩි වෙනසක් නෑ
මට විතරයි නුඹ මට විතරයි
මගෙ හිත මටම කියයි
ගුරු පාට හැන්දෑවෙ
නුඹෙ රුව මැවේ නම්
ගුරුපාරෙ මේ යාමෙ
කවුරුත්ම නැති නම්
මම ඉන්නෙ තනියෙන්
නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සීපද කියන්නම්
නුඹ සිත සතුටින් නම්
එය මට හොඳින් දැනේ
නුඹ සිත හඬනව නම් මට
ඉවසන්නට බැරි වෙයි
වැඩිපුර හිතන්න හිත ඉඩ නෑ
හිතුවත් එහි වැඩි වෙනසක් නෑ
මම මම මයි නුඹ නුඹ මයි
එනමුදු අපි එකමයි
ගුරු පාට හැන්දෑවෙ
නුඹෙ රුව මැවේ නම්
ගුරුපාරෙ මේ යාමෙ
කවුරුත්ම නැති නම්
මම ඉන්නෙ තනියෙන්
නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සීපද කියන්නම්
ඉසුරුමුණියෙ තාම
පෙම් බස් දොඩයි නම්
දුර පේන ක්ෂිතජයද
තාමත් එතන නම්
සඳ එලියෙ නැහැවී
තරු අතරෙ තනි වී
ඉගිලෙන්න මං හරිම ආසයි
ඉගිලෙන්න මං හරිම ආසයි
ඉගිලෙන්න මං හරිම ආසයි
Contributors · 1
Pahansa — added the song
Lyrics reproduced for study · © respective rights holders
More by සේනක බටගොඩ