අපි කවුරුද
Api Kawuruda
සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ නැති රෑ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේට වැටුනා වගේ නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට
ගිනියම් ඉර - සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගී ඇති ලොව - සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද
ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී සුලග සේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders