ගෙ කිරිල්ලියේ නුඹ

Ge Kirilliye Numba
ගේ කිරිල්ලියේ නුඹ
කොයි ඉසව්වකද නොදැනේ
අපි අපට අහිමි සඳ
පැටවුන්ට නොවෙද රිදුණේ
මහ රැයේ මගේ තුරුලට ගුලි වී
උන් නුඹයි සොයා හැඬුවේ සොඳුරී
දං කිරි වෙනුවට මුළු රෑ ඇහැරි
මං මගේ කඳුළු පෙව්වා සොඳුරී
අප දෙමග ගියත් කුලගෙය ඇවිලි
පැටවුන්ට විසයි ඒ දුක සොඳුරී
යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහි
උඹ උන්ට එකම අම්මා සොඳුරී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ
All songs by කරුණාරත්න දිවුල්ගනේ