ගහක මල් පිපිලා
Gahaka Mal Pipila
ගහක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැදුනේ කිමැයි මා
තවම නොදන්නෙමී
නුඹට හිතබැදි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ