එක මොහොතක් ඔබ සෙවනේ
Eka Mohothak Oba Sewane
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි
පිළිවෙලකට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමිතා වැදිසිංහ