එක දවසක් සීයා
Eka Dawasak Seeya
එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සන බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹල ඒක මගේ අතටයි දුන්නේ
අඬල හැපිල කෑ ගහමින් ගේම හෙල්ලුවා
මට ගෙනාව බෝනික්කා නංගි ඉල්ලුවා
අක්ක කිව්වා ඒක මටම දෙන්නට කියලා
ඒත් එයා ඇහුවෙම නෑ තවත් වද කලා
ගෙදර හැමට මේ හින්දා සිහියක් නැත්තේ
අම්මා තාත්තා අහලකවත් නෑ එහි ඇත්තේ
සුදු නංගී මමයි ඉඳන් දෙන්න දෙපැත්තේ
බෝනික්කා තුරුලු කරන් නිදියා ගත්තේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දමයන්ති ඒකනායක