අම්මාගෙ උකුලේ නැළවී

Ammaage Ukule Nalawee
අම්මාගෙ උකුලේ නැළවී
තාත්තාට සුරතල් වෙවී
පාසැල් ගොසින් උදය කාලේ
පසුවීල යයි මාගෙ බාලේ
දෙගුරුන්ගෙ අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා
ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා
ලංකාව රට මා උපන්න
මගෙ ජාතියේ නාමෙ ගන්න
පුළුවන් තරම් වෙහෙසවන්න
පතමී හොඳින් මා හැදෙන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දමයන්ති ඒකනායක
All songs by දමයන්ති ඒකනායක