දොර ඇරපන් ආයා සුදා
Dora Arapan Aaya Suda
දොර ඇරපන් ආයා සුදා
අපි දෙන්නගේ කාලේ හොඳා
බේබි අරන් නෝනා උදේ ගමට ගියා
හොයලා මෙදා
පිස්සු නැතුව යන්න මෙයා
මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ
ඔබෙ හුරතල් නෝනා සුදා
මම එනකොට දොර වහන්න එපා කුස්සියේ
මගෙ ආදර බැල්මට උඹ බයද පිස්සියේ
මට වැරදුනු ඩබල් කිසස් දුන්නේ ටැක්සියේ
ඔබ මොකටද එල්ලුනේ මගෙ ඉරුණු මැක්සියේ
රෑ වෙනකොට බයිලා සෙෂන් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු මෝර්ට සයිකලේ
මම දන්නවා ඔබෙ නෝනගේ සෙරෙප්පුවේ බලේ
අයියෝ බැහැ ඔලුව හප්ප ගන්න ඇතුගලේ
සෝඩා වගේ උතුරනවා හදවතේ සෙනේ
පැනලා වරෙන් ජනේලයෙන් රත්තරන් පනේ
මෝඩ වෙන්න එපා පොලව හරි ඇදයි අනේ
ආඩවනේ මගෙ කකුලක් වැදුන හිරමනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඩෙස්මන්ඩ් ද සිල්වා