දෙවියනි ඔබත් මේසේනම්

Dewiyani Obath Mesenam
දෙවියනි ඔබත් මෙසේ නම්
මා කාට මේ දුක පවසම්දෝ
ඇය මට දුන් මේ කඳුලැල්
ඔබ ඇයිද නාඳුනන්නේ
මිණි කිකිණි පිපුණු පාදේ
වැහි බිංදු ගීත ගැයුවා
සඳ වලා අප්සරාවෝ
අප වටා සෙමෙර සැලුවා
නිල් නිම්න විල් නෙළුම් මල්
ඇගෙ දෑස පාට කෙරුවා
ඒ පාට දෑසගින් ඈ
මට මන්දහාස නැගුවා
දේවාති දෙවතාවෝ
පෙම් වරම් අපට පිදුවා
දෙවියන්ට මතක නැති මුත්
මට තාම මතක ඇතුවා
මුළු ලෝකයක් මැවූ ඈ
හිරු සඳුත් තරුද නිව්වා
අවසන් වසන්තයේදී
දෙවියන්ද අහක බැලුවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ
All songs by කරුණාරත්න දිවුල්ගනේ