චූටි දුවේ සුදු රන්කැටියා
Chooti Duwe Sudu Rankatiyaa
චූටි දුවේ සුදු රන්කැටියා
දොයියන්නකො මගෙ කිරිකැටියා
කියමින් මා නැළවූ අම්මා
දෝත නඟා වඳිනෙමු අම්මා
මලක් වගෙයි මා රැක බැලුවේ
නෙත නොපියා පණ සේ වැඩුවේ
දීල ඔවක් යහමග යැවුවේ
රසට අහර ගෙන මට කැවුවේ
අම්මා ඔබයි මගෙ සුදු අම්මේ
සඳ මැද්දේහී ඇති හාවා
දූට මගේ මා ගෙන දෙනවා
අන්න දුවේ අම්බිලි මාමා
නළව නළව සුරතල් කෙරුවා
ආදර මාගේ සුදු අම්මා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශිරෝමාලා ප්‍රනාන්දු