චන්ද්‍රයන් පිදූ

Chandrayan Pidu
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා
හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවුයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ
අර්ථය ලැබුවේ
කඳුලැල් දිය දහරා
නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ
චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස
මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹීලා සැමදා ඔබගේ
කැළුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ
ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by විරේෂ් කුරේ
All songs by විරේෂ් කුරේ