බුබුලු බුබුලු

Bubulu Bubulu
බුබුලු බුබුලු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන
මාලයකට අමුණාගෙන
ආසයි මට ගෙල බඳින්න
අහසේ දිලෙන රන් තරු කැට
දෙකක් ගෙනත් මා සුරතට
ලොකු අක්කට තෝඩු වලට
දෙන්නෙමි කන පලඳින්නට
වලාකුළින් පාට පාට
ගවුම් මසා හැඩට රුවට
කුරුල්ලකුගෙ නැගිල පිටට
රවුම් යන්න ආසයි මට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නොයලීන් ලියනගේ
All songs by නොයලීන් ලියනගේ