බඹරා වගේ

Bambara Wage
බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්ස වගේ හරි වැඩකාරයා
කෝකිලයා සින්දු කියනවා වගේ
රස වෑහෙන සින්දු කියනවා
මොණර රජා රඟදෙන විධියට අගේ
කොතනත් මම රඟදක්වනවා
මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ
කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ
සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා
නියම තැනදි කතා කරනවා
උකුස්ස වගේ දුර තියාම දකිනවා
අනතුරකදි මට තේරෙණවා
නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ
පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සංගීත් විජේසූරිය
All songs by සංගීත් විජේසූරිය