බැබලීම වගෙම

Babalima Wagema
බැබළීම වගෙම බැසයාම
අයිති සඳටයි
පිඹිදීම වගෙම පරවීම
අයිති මලටයි
හැමදාම වගෙම
මම තාම අයිති නුඹටයි
‍රැවටෙන්න වගෙම රවටන්න
හිතක් නැතී
හංගන්න වගෙම පෙන්වන්න
කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත
වෙන දන කෙනෙකු ලොව
මට හමුවෙලා නැතී
හිමිවන්න කියා හමුවන්න
හිතක් නැතී
පිංවන්ත හිතේ විඳවන්න
දුකක් නැතී
අදහන්න නමුත් හැකි වෙද
නුඹ දුන්නේ නැතත්
නුඹේ හිත මගෙ ළඟම ඇතී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ
All songs by කරුණාරත්න දිවුල්ගනේ