අම්මා ජීවන උයන් තෙරේ

Amma Jeewana Uyan There
අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
සඳ වතුරින් නොව රුහිරෙන් ම දිය කොට
අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිළිහී වියැළුණු පුතු ලොව
මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන
කඳුළින් ඉපදී කඳුළෙන් ම මියැදෙන
රණ මඬලේ මිණි පහනක්‌ වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
All songs by චන්ද්‍රසේන හෙට්ටිආරච්චි