ගලන ගඟ
Galana Ganga
නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්
ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑ නේ
ඔබෙ රූ වරුනේ
ක්ෂිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑ නේ
ඔබෙ රූ වරුනේ
ලෞකික සැප
කාලය කාදැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිළිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට
ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි
සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
සම්මාදිට්ඨිය මගෙ අද නතරවෙලා
ඔයාගෙ නෙතුමුල, මගෙ හේතුඵල
ගොළුවෙලා අන්ධව අතර මග කිමද
ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා
විදනසින් වැද රූපයක සොබා
එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්
ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑ නේ
ඔබෙ රූ වරුනේ
ක්ෂිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑ නේ
ඔබෙ රූ වරුනේ
Contributors · 1
Pahansa — added the song
Lyrics reproduced for study · © respective rights holders
More by චරිත අතලගේ