කුවේණී

Kuweni
කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා
සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය
කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා
වියූ සළුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ
නිරිඳුන් නුඹේ ආලේ නිසා
බෝ විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලය පසෙක ලා හිඳිමි මෙමා
සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය
කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා
නිරිඳුන් නුඹේ ආලේ නිසා
බෝ විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලය පසෙක ලා
හිඳිමි මෙමා
Contributors · 1
Pahansaadded the song
Lyrics reproduced for study · © respective rights holders