වෙරළේ මුහුදු වැල්ලේ
Werale Muhudu Walle
වෙරළේ මුහුදු වැල්ලේ
කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරේ ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
හැඩ වැඩ දා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
එහේ මෙහේ දුවන්නේ
එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩි දා වගේනේ
කහට බින්දු වැටීලා
කමිස පොඩිය ඉරීලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ
හැඩ වැඩ දා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
මගේ වගේ පුංචි දා
තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ
ළමා ලපටි කල්ලියේ
මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
හැඩ වැඩ දා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders