වී පැදුරෙන්
Wee Paduren
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්
ඔබෙ දෙතොලේ
මොලකැටි බව
නාදුනන ලෙසින්
නා දළු වැනි සුමුදු වෙතැයි
කියමිද කෙලෙසින්
ඔබේ සොදුරු මුව මඬලේ
කැළුම් මම දුටිම්
පුරපස හද ඔබ පරදයි
කියමිද කෙලෙසින්
ඔබෙ ආදර නිමල දියේ
සිහිලස ලද මං
තිබහට බොරවූ වතුරක්
බොන්නද කෙලෙසින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්‍රිශාන්ත එරන්දක