වරෙන් යන්න අපිත් එක්ක

Waren Yanna
වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
ඔළුවෙන් හිටගෙනම
සතයක් වත් නැතිව නොමිලේ
හොදට හිනාවෙන්න
සල්ලි කියා තම මල්ලි මරාගෙන
රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා
බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද
චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන
දත්නැතිව බත් කාපු අය දැකල දුක හිතුනා
පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න
YES පහයි NO තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න
ජීවත් වෙන්න - ජීවය මෙන්න
කදුළු පුරවාගෙන‍ - දවසම අඩන්නේ මොකටද
බොක්කෙන්ම ලව් කරලා - බැනල බෙර ගහල
ලොවට පෙන්නාපු කෙල්ලො
හලපු පොරවල් දැක්කා
තැන් තැන්වල පච වෙනවා
වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇදුම ඇදගෙන - අසරණයට දඩුවම් කෙරුවා
පරක්කු නෑ තවම - අපිට වෙනස් වෙන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද
ජීවත් වෙන්න
මෙන්න මගෙ අත ගන්න
විදින්න ආදරේ ලබන්න
ආදරේ කරන්න
ඉතින්, වරක් කිව්ව හොද සැපක් අරන්
හෙට මැරිල ගියත් මොකද
වරෙන් යන්න අපිත් එක්ක
බැරිනම් ගෙදරට වෙල ඉන්න
බැනුම් අහල මදි වගෙ නම්
ගෑනුන්ගෙන් ගුටි කන්න
(කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න
YES පහයි NO තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders