උඩරට මැණිකෙට

Udarata Maniketa
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
කෝච්චියක් එනවා
ජනේල අතරින් බිත්තිය බැසගෙන
කෝච්චියක් එනවා
කුරුමිණි අඬු රන් සමනල තටු හා
සීනි ඇටත් පිරිලා
කෝච්චියේ දැන් ඉඩ නෑ වාගේ
සෙනග ගොඩක් පිරිලා
මේ ඉස්ටේශමේ නවතින්නේ නෑ
යයි ඉක්මන් කරලා
මට හරි ආසයි ගමට යන්න මේ
කෝච්චියේ නැගලා
අත තිබ්බෝතින් රේල් පීල්ලට
ගමන නතර වෙනවා
කම්මැලි නැති අය හට පමණයි යා
හැක්කේ පවසනවා
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
කිය කිය මොර දෙනවා
කඩිසර ගමනින් කූඹි කෝච්චිය
සාලෙ මැදින් යනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders