තොප්පි වෙළෙන්දෙක්
Thoppi Welendek
තොප්පි වෙළෙන්දෙක් දවසක් දා
තොප්පි ගොඩක් කර තියන් ගියා
චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
නිදිමත වගෙ දැණුනා
රූස්ස ගහ ළඟ ඇලවී
තොප්පි ගොඩත් බිම පෙරළී
මහ තඩි කොටයක් ඉරනා සද්දෙන්
ගොරවන්නට ගත්තා
නින්දෙන් ඇහැරී බැලුවා
තොප්පි නොමැති බව දැණුනා
පිස්සු ඩබල් වී මොලේ කචල් වී
මිනිහට තරු පෙණුනා
හීනෙකින් වගේ උඩ බැලූ කලේ
අර වඳුරු රෑන දුටුවා
මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
වඳුරොත් එහෙම කලා
අනුන්ගෙ දේවල් ගන්න එපා
වඳුරන් වාගේ වෙන්න එපා
අනුන් කරන දේ කරන්න ගියොතින්
අපිත් වඳුරො වෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders