සුසුමන් පාවී

Susuman Paawi
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ
දෙඩූ වරු ගණන් පෙම් පියසේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
පාළු මාවතේ මා තනි වී
මතක සිහිනයේ මා හද රිදවා
තනි කර දා ඔබ යන්න ගියේ
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
තනි වී ඉන්නම් මා ළඳුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අතුල ශ්‍රී ගමගේ
All songs by අතුල ශ්‍රී ගමගේ