සියපතක් පිපුණා
Siyapathak Pipuna
සියපතක් පිපුණා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ
නෙතින් නෙත හදුනා වරින් වර
හමුවෙලා අප හමුවෙලා
පැතුම් මල් විකසිත කරන්නට
වෙහෙසුනා අප වෙහෙසුනා
මෙයද දෛවය මෙයද ඉරණම
වෙන්වුනා අප වෙන්වුනා
සසර මඟ හදුනා අතර මඟ
තනිවුනා අප තනිවුනා
අත දුරක නොපිපී නෙලන්නට
බැරි වුනා මල් බැරි වුනා
සුවඳ සුදු මල් නිබඳ පිදු පෙම
ගොළුවුනා පෙම ගොළුවුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සශිකා නිසංසලා