සිසිල් සුළං පාවී
Sisil Sulan Paawee
සිසිල් සුළං පාවී දස අතට හමන්නේ
මේ නත්තල් කාලේ බව ලොවට කියන්නේ
ගහයි වැලයි පිරිලා මල් හරි හැඩට පිපෙන්නේ
කුරුලු නදින් මත් වී මුළු ලොවම නටන්නේ
රඟ දෙන්නේ රඟ දෙන්නේ
නත්තලේ මිහිර පා මේ මුළු ලොවම දිලෙන්නේ
මේ මුළු ලොවම දිලෙන්නේ
පල්ලියෙ ඝන්ඨාරයේ හඬ අවට ඇසෙන්නේ
ඒ මැදින් රතිඤ්ඤා මල් වෙඩි පුපුරන්නේ
පුංචි ළමයි එක් වී ඔන්චිලිය පදින්නේ
කොමළ ළඳුන් රැස් වී කිරි කවඩි දමන්නේ
රඟදෙන්නේ
අලුත් ඇඳුම් ඇඳලා අපි සින්දු කියන්නේ
ගමන් බිමන් තාලේ සිත අවුල් කරන්නේ
ඉවුම් පිහුම් සුවඳින් රස නහර පිනන්නේ
මඟුල් ගෙයක් වාගේ අද ලොවම පෙනෙන්නේ
රඟදෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders