සප්ත ස්වරයයි

Saptha Swarayayi
නිසඟ පවන මත
හිනැහි හිනැහි පිනි
මල් මතින් වඩිණු දෙව් ලියේ
රත තඹර මල් සුවඳ විහිදා
බිඟුන් බමනා ඈ වටා
ඇගෙ නිකිණි සිනහ මල්
කිනිති සැලෙන විට
දැනෙන දැනෙන හැඟුමන්
රන තිසරු රුවැති ඇගෙ
ලදල්ල මැද මම
සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ සුවඳ හමනා
හිත පුරා විසිරි මුතු ලතා
ඉහිරුණා රුවැති හද පතා
හීන මුසු වුණු
පාට තැවරුණ
දෑස අභියස නැවතිලා
මෙ පුර සුරඹ නද විඳිමි විඳිමි
ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැහි
තෙමෙනවා මා ආදරෙන්
ඇගෙ නිතඹ ලෙලෙන
පා සලඹ සැලෙන විට
දැනෙන දැනෙන හැඟුමන්
මුදු සුමුදු සුවැති ඇගෙ ලදල්ල මැද
මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ සුවඳ හමනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders