පුංචි අපේ මහ රජ්ජුරුවෝ

Punchi Ape Maha Rajjuruwo
පුංචි අපේ මහ රජ්ජුරුවෝ
උස වේවැල් මහ රජ්ජුරුවෝ
පාඩම් පොත් ටික කේලම් කිව්වම
හොඳට අහනවා අපේ පිටට තලනවා
හීන්දෑරි මහ රජ්ජුරුවෝ
උස වේවැල් මහ රජ්ජුරුවෝ
මගේ සාක්කුවෙ අඹ නාරං කජු
කන්න බැරුව වේලෙනවා
වේවැල් රජු හිනැහෙනවා
හීන්දෑරි මහ රජ්ජුරුවෝ
උස වේවැල් මහ රජ්ජුරුවෝ
කේන්තියෙන් දිලිහින්නේ
හීනෙන් දැක බයවෙනේ
පුංචි අපේ මහ රජ්ජුරුවෝ
උස වේවැල් මහ රජ්ජුරුවෝ
හීන්දෑරි මහ රජ්ජුරුවෝ
උස වේවැල් මහ රජ්ජුරුවෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders