පුල්ලි ගොනා පුරුදු කාරයා

Pulli Gona Purudu Kaaraya
පුල්ලි ගොනා පුරුදු කාරයා
මම ජෙමා කරත්තකාරයා
මේකයි මගෙ බර බාගේ
පැයට සැතපුමයි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා
වේගෙන් යන කාර් ලොරි තිබේ
මගේ පනම් හතර මට ලැබේ
මේකයි මගෙ බර බාගේ
පැයට සැතපුමයි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා
කොළඹ වීදි තද බද වෙලා ඇත්තේ
වාහන ඒ තරම් තියෙනවා
මම රිංගුවේ නැත්නම් ඔය අස්සේ
මගේ බඩට පහර වදිනවා
ඔය ටැක්සි කාරයෝ වෑන් කාරයෝ
එයල තමයි හරිම වීරයෝ
මම හන්දලු පාරෙ නිතර තදබදේ
මට බැන්නම මමත් බනිනවා
මම ඉනට ඇන්දේ කබල් සරම බැනියමයි
ඔලුවේ බැඳපු පට ලේන්සුවයි
මගේ කටට පුල්ලියනම් හරි බයයි
මම දරුවෙකුටත් වැඩිය ආදරෙයි
බඩු අදිනවා ගේකින් තව ගේකට
වැලි ගෙනාවේ බංගලාවට
පොල් විකුණන පොඩි සිංඤෝ අයියට
වැඩ කරන්නේ දවසේ පඩියට
අව්ව වැස්ස මම කිසිවක් තකන්නෑ
උදෙන්ම ගෙදරින් පිට වෙනවා
නියම වෙලාවකට කන්න බොන්න නෑ
බීඩි කොටේ කටේ තැබෙනවා
කාර් වෑන් යන්නැති පොඩි පාරක
මම යන්නම් ඕන වෙලාවක
කැලණියේ පෙරහැර බලන්න යනකොට
අපි බජව් එකක් දාගෙන යන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders