පොඩි කාලේ

Podi Kaale
පොඩි කාලේ දඟ කෙරුවාම
හඬමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නලවා දොයි දොයි කිව්වා
අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා
මට රසවත් ආහාර කවලා
පාසැල වෙත මෙ මාව යවලා
රෑ වුනාම මා නිදි කරලා
දොයි දොයි දොයි දොයි කියලා
අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා
රස්සාවට ගොස් ඔහු එනවා
මට සීනි බෝල හෙම දෙනවා
සෙල්ලම් බඩු ගෙනැල්ලා දෙනවා
මගෙ තාත්තා හරිම හොඳයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders