පිං මාළු වලේ
Pin Maalu Wale
පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා
සිල් අරං ඇවිත් සීලවතී මකුණෝ මරනවා
ධනපාල වුනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහලා නෑනේ සත්‍යපාල ඇත්ත කියනවා
ලං වුනාම කපුරුහාමි ළඟ ගඳ එනවා
පව් හේතුහාමි කන්න නැතුව අගුවේ ලගිනවා
බණ කියන ගමන් ධර්මපාල මත්පැන් බොනවා
තම මහලු මවට කරුණාවතී ගුටි බැට දෙනවා
ජයපාල වුනත් යන හැම සටනම පරදිනවා
හැමදාම සාමාවතී ගෙදර රණ්ඩු කරනවා
කිසිදවසක දැක නෑ සිරියාවතී හිනැහෙනවා
මං දැක්කෙමි ජීවත්හාමිත් පරලොව යනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders