පන්දම

Pandama
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුනේ
තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනේ තානේනේ තානානේ
ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට
පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන
වැහි කළුව එනවා නුඹ නැති දාට
සිත් අහසම පුරවා අන්ධකාරෙක
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුනේ
තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනේ තානේනේ තානානේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ධනිත් ශ්‍රී
All songs by ධනිත් ශ්‍රී