ඔබට නොහැක
Obata Nohaka
ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත
අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති
හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders