ඔබ ඇස්පිය නොහෙලා
Oba Aspiya Nohelaa
ඔබ මා හමුවුනදා දෑත් දරා
පෙර භවයක බැඳුනා මෙන් බැඳුනා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා
සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා
දැනෙනා හැඟුම් විඳිමි සිහිනේ සරා
දිගු රැය දිගේ ඔබෙ රුව මැවේ
පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා
සිත්මල් දෙකක් ලංවී සිතැඟි පුරා
කොඳුරා වදන් රැඳෙමි සඟවා නුරා
සඳ දිය පිරේ ඇසිපිය ඇරී
පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සශිකා නිසංසලා